දූෂණ මර්දන නිලධාරීන් ලෙස රඟපාමින් හෝටලයකදී කෝටි දෙකහමාරක මැණික් ගලක් සහ හිමිකරු පැහැරගත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෝ මාට්ටු - විගස පුවත් - Vigasapuwath

Tuesday, April 16, 2019

දූෂණ මර්දන නිලධාරීන් ලෙස රඟපාමින් හෝටලයකදී කෝටි දෙකහමාරක මැණික් ගලක් සහ හිමිකරු පැහැරගත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෝ මාට්ටු

Loading...
පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීගමුව නගරයේ හෝටලයකදී රුපියල් කෝටි දෙකහමාරක් වටිනා මැණික් ගලක් සහ එහි හිමිකරු පැහැරගෙන ගිය සැකකරුවන් සිවු දෙනකු, පැහැර ගත් මැණික් ගල ද සමඟ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 දා අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව වයික්කාල, හෝමාගම පිටිපන, බංගදෙණිය සහ වඩුමුන්නේගෙදර ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. 

 මෙහි ප‍්‍රධාන සැකකරු වන හෝමාගම පිටිපන පදිංචි පුද්ගලයා මැණික් අලෙවි කිරීමේ අතරමැදියකු ලෙස සේවය කරන්නෙකි. ඔහු විසින් කෝටි දෙකහමාරක් වටිනා මැණික් විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මීගමුව හෝටලයට ගෙන්වාගෙන ඇත. අනතුරුව විදේශිකයා නවාතැන් ගෙන සිටින ස්ථානයට මැණික අලෙවි කිරීම සඳහා රැුගෙන යන මුවාවෙන් ගෙන ගොස් ව්‍යාපාරිකයාගේ ඒටීඑම් කාඞ් පතකින් රුපියල් 50,000 ක මුදලක් ද ලබාගෙන ඇත. 

 අනතුරුව වයික්කාල ප‍්‍රදේශයේදී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලෙස ව්‍යාජ පුද්ගලයන් සිවු දෙනකු මැණික පැහැරගෙන ගොස් තිබිණි. ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විමර්ශන සිදු කර එම සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනුරාධපුර ප‍්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ මියගොස් සිටින එස්. එෆ්. ලොක්කා නමැත්තාගේ ගෝලයන් බව හෙළි කර ගෙන ඇත.

 මෙම කොල්ලය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ද විමර්ශන ආරම්භ කර තිබියදී කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් මැණිකක් විකිණීමට තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන සිදු කර මැණික සමඟ සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මීගමුවෙන් පැහැර ගත් මැණික බව හෙළි කරගෙන තිබේ. මෙම සැකකරුවන් සිවු දෙනාට එස්. එෆ්. ලොක්කාගේ ගෝලයන් සිවු දෙනා විසින් පැහැර ගත් මැණික ලබා දී තිබෙන බවත් මේ සිවු දෙනා අතර මැණික පැහැර ගැනීම සැලසුම් කළ ප‍්‍රධාන සැකකරු සිටින බවත් හෙළි කරගෙන තිබේ.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *