"රටේ දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ගොඩනැංවීමට සියලුදෙනා එකතු වෙන්න ඕනේ" - විජිත් විජයමුණි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

"රටේ දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ගොඩනැංවීමට සියලුදෙනා එකතු වෙන්න ඕනේ" - විජිත් විජයමුණි

රටේ දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ගොඩනැංවීමට නම් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මොණරාගල බිබිල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වර්ත මානයේ ජනතාවට තිබෙන  මුලිකම ගැටළුව වන්නේ ජනාධිපතිවරයා වන්නේ කුමන පුද්ගලයාද යන්න නොවන බවත් ඔවුන්ට තිබේන්නේ රට ගැන ප්‍රශ්නයක් බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ජනතාව දුකෙන් සහ කනගාටුවෙන් සිටින්නේ රට තුල දේශපාලන ස්ථාවරත්වයක් නොමැති කම නිසා බවත් රට තුල ස්ථාවරත්වයක් ඇති කිරිමට උත්සහ කරන සෑම විටම එය විනාශ කිරිම සඳහා කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදු කරන පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ජනතාවට නියෝග ලබා දිමට ප්‍රථමයෙන් දේශපාලඥයා අදර්ශමත් විය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම රට තුල ස්ථාවරත්වයක් ඇති කිරිමට එක් පර්ශවයකට පමණක් සිදු කළ නොහැකි බවත් එයට සෑම පාර්ශවයක්ම එකතු විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad