එක්සත් ජාතික පක්ෂයෙහි අභ්‍යන්තර අර්බුදය දැන් කරළියට පැමිණ තිබෙන බවත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් ප්‍රකාශ කරන්නේ තමන් වසර ගණනක් තිස්සේ කියූ දේවල් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතා පවසයි.
"එක වෙලාවක රවී කරුණානායක මහත්තයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙ තාත්තගෙ පහනෙන් එළිය බලලා කියලා. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේකෙ වසලයෝ ඉන්නවා, ඒ වගේම විශේෂයෙන්ම මහබැංකුවේ හොරු ඉන්නවා. ඒගොල්ලන් අයින් කරලා තමයි අපේක්ෂකත්වය ගන්නෙ කියලා. එදා ඉඳලා අපි කියපු කතාව අද එක්සත් ජාතික පක්ෂයේ නායකයොම පිළිගන්නවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment