රටේ තත්ත්වය දැන්වත් අවබෝධ කරගත යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

රටේ තත්ත්වය දැන්වත් අවබෝධ කරගත යුතුයි

රටේ තත්ත්වය දැන්වත් අවබෝධ කරගත යුතුයි

නැවත වරක් මේ රට දැහැමි රටක බවට පත්කර ගත යුතු බව සිංහල දෙමළ අළුත් අවුරුද්දට සුභ පැතුම් එක්කරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොලොස්මථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියෝ පැවසූහ.

 භයානක තත්ත්වයක පවතින මේ රට ඒ අන්දමින් තවදුරටත් පැවතියහොත් තව තවත් අගාධයට පැමිණිය හැකි යැයි උන්වහන්සේ කියා සිටියහ.

ඒ අනුව ශ්‍රී ලංකාව යළි ධාර්මික රටක් බවට පත් කර ගනීම සඳහා සියලු දෙනා අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි උපාලි හිමියෝ පෙන්වාදෙන්නේය.

"අල්ලස,දූෂණය,භීෂණයෙන් පිරි රටක ලෙස මෙරට පැවතිය හොත් ජාතියේ විනාශය නුදුරු කාලයේදීම අපට උදාවිය හැකියි. නව වසර යනු සුවිශේෂී අවස්ථාවකි. සාම්ප්‍රදායික කටයුතු සලකා බලන විට අපට නව ලෝකයක් කරා ගෙන යාමට නව සිතුවිලිද සම්ප්‍රදායික චාරිත්‍රද උපකාර කර ගත යුතුයි."

අනාදිමත් කාලයක සිට උරුම වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමට කටයුතු කළ යුතු බව උපාලි හිමියෝ අවධාරණය කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad