භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ

භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන වර්ග වෙළෙඳපොළේ
භාවිතයට නුසුදුසු විලවුන්, විවිධ ආලේපන සහ සබන් වර්ග වෙළෙඳපොළට එක්ව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් කළ විශේෂ මෙහෙයුම්වලදී ඒ බව අනාවරණය වූ බව ය.
උත්සව සමය වෙනුවෙන් පසුගිය 20 වන දා සිට දිප ව්‍යාප්තව වැටලීම් සිදු කරනු ලැබී ය.
එය ලබන 25 වන දා දක්වා ක්‍රියාත්මක ය.
එම්.එස්.එම්. ෆවුසර් මහතා පැවසුවේ, දිවයින පුරා කළ වැටලීම් 1500කට අධික සංඛ්‍යාවකින් වෙළෙඳ සල් හිමියන් 650කට එරෙහිව නඩු පවරා ඇති බව ය.
ඒ, පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad