බස් වර්ජනයකට සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 6, 2019

බස් වර්ජනයකට සැරසෙයි

බස් වර්ජනයකට සැරසෙයි

ලබන 09 වනදා දිවයින පුරා එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය පවසයි.

ඒ අනුව බස් වර්ජනය එළඹෙන අප්‍රේල් 09 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට 10 වන දින රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රජය විසින් ගෙන ඒමට නියමිත නව රථ වාහන දඩවලට විරෝධය පල කරමින් මෙම වර්ජන සිදු කරන බව එහි ප්‍රධාන සංවිධායක යු.කේ.රේණුක මහතා සඳහන් කළේය.

වත්මන් රජය විසින් නව සංශෝධන අණ පනත් ක්‍රියාත්මක කරමින් බස් රථ රියදුරන් හා සේවකයින් දැඩි අසරණ තත්ත්වයකට පත් කර ඇති ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් අළුත්ගම නගරයෙන් ආරම්භ කළ වර්ජනයත් සමඟ අද වන විට තුන්වන වර්ජනය දක්වා පැමිණ ඇති බවත් අද පවතින මාර්ග නීති රීති හමුවේ වාහන ධාවනය කිරීම ඉතාමත් අසීරු කරුණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

බස් රථ රියදුරන්ගෙන් බදු හා දඬ මුදල් පමණක් නොව මේ වන විට කාබන් බද්ද අයකිරීම හේතුවෙන් රියදුරන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව බස් වර්ජනය එක්දින වර්ජනයක් ලෙස එළඹෙන අප්‍රේල් 09 දින ක්‍රියාත්මක වර්ජනයට දිවයිනේ සියළුම වාහන හිමිකරුවන් විසඳුම් ඉල්ලා සිටිමින් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව පසුවන බව ඒ මහතා සඳහන් කරයි.

එසේම බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ වලට පමණක් ඉදිරිපස හා පිටුපස ළා නිල් වර්ණ ගැන්වීම හා  බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන්ට පමණක් නිල ඇඳුමක් නියම කර තිබීම අතිශය අසාධාරණ තත්ත්වයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

වර්ජනය මඟින් ඉල්ලීම් වෙනුවෙන් මැදිහත් වී සාධාරණ විසඳුමක් පාලකයින්ගෙන් අපේක්ෂා කර සිටින බව ද යු.කේ.රේණුක මහතා ප්‍රකාශ කරයි.

ලංකාවේ රියදුරු බලපත්‍රයක් හිමි සියළුම දෙනා තමත් සමඟ එක්ව මෙම වර්ජනයට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad