ජූනි මාසයේ මෙරට කොරෝනා පාලනයේ - සැලසුම මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

ජූනි මාසයේ මෙරට කොරෝනා පාලනයේ - සැලසුම මෙන්න

ජුනි මාසය අවසාන වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය කර හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි. මෙරට වයස අවුරුදු 20 ඉක්ම වූ පුද්ගලයන්ට එන්නත් කිරීම සදහා එන්නත් මාත්‍රා මිලියන 29 අවශ්‍ය බවත් පැවසූ ඔහු දැනටමත් මිලියන 32 ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීම සහතික කර ඇති බවද සඳහන් කළේය.

එම එන්නත් සියල්ල දෙසැම්බර් මාසයට පෙර මෙරටට ලැබෙනු ඇති බවත් රුසියාවෙන්, චීනයෙන් සහ ඇමෙරිකාවෙන් එම එන්නත් තොග ඇනවුම් කර ඇති බවත් ඔහු පැවසීය.

චීනයෙන් මාත්‍රා මිලිවක 03ක් හා රුසියාවෙන් එන්නත් මිලියන මාත්‍රා මිලියනයක් ජූනි මාසයේ මෙරටට පැමිණෙන බවත් ඒවා කඩිනමින් එන්නත්කරණය කල පසු වසංගතය පාලනය කළ හැකි වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව සංචාරන සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝවා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad