සිලාවතුර ප්‍රදේශයේ වනය හෙළි කිරීම් කළේ ආරක්ෂක අංශ බවත් පසුව එහි මුල් පදිංචිකරුවන් සිය ඔප්පු පෙන්වා පදිංචි වූ බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම ප්‍රදේශවල කිසිම තැනක පිටස්තර පුද්ගලයන් පදිංචි කර නොමැති බවත්, විල්පත්තුවේ වනය හෙළි කිරීම ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
විල්පත්තු වන විනාශයක් යැයි කියමින් මේ වන විට පවතින කතිකාවත පසුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් මෙන්ම තව ව්‍යාපාරිකයෙක්ද සිටින බව ඔහු සඳහන් කළේය.
ඒ හරහා මුස්ලිම් හා සිංහල ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment