සුරේෂ්ගෙන් නැවත විරෝධයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

සුරේෂ්ගෙන් නැවත විරෝධයක්

සුරේෂ්ගෙන් නැවත විරෝධයක්

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය පළ කළද දෙමළ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා චෝදනා කරයි.

 මෙවර අයවැය වෙනුවෙන්ද දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය දී තිබෙන අතර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැම විටම දෙමළ ජාතික සන්ධානය යොදා ගන්නා බව ඔහු සඳහන් කරයි.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මාවෙයි සේනාධිරාජා මහතා පවසා ඇත්තේ අයවැයට සහය දීම සඳහා ආණ්ඩුවට කොන්දේසි ඉදිරිපත් කළ බවයි. එහෙත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටින්නේ එවැනි කොන්දේසියක් ලිඛිතව ලබා දී නොමැති බවයි.

ඒ තවදුරටත් දෙමළ ජනතාවට සහනයක් අත්ව නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලය තුළ දෙමළ ජාතික සන්ධානය යොදා ගත් අතර සුමන්තිරන් වැනි අය ඊට සහය දෙන බවද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

ආණ්ඩුවට සහය දෙන අතර තුර බලපෑම් කරන බවට TNA කණ්ඩායම පැවසුවද ඉන් පලක් වී ඇත්ද යන්න සිතා බැලිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad