රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහර දීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහර දීමක්

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහර දීමක්
බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එහි සේවකයින් පිරිස් පහර දී තිබේ.
 
සහකාර ආරක්ෂක නිලධාරී එච්.පී.එස්. විජේතුංග මහතා සඳහන් කළේ, රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ නියෝගයක් අනුව බීමත් පුද්ගලයින් මුද්‍රණාල පරිශ්‍රයට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් ඇති වූ ගැටලුවක් මත මෙම පහර දීම සිදුව ඇති බව ය.
 
මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් සේවාවලින් ඉවත්ව ඇති බව ද ඔහු සඳහන් කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad