කොච්චිකඩේ දේවස්ථානයට පහරදුන් බෝමබකරු නීති විද්‍යාලයට සුදුසුකම් ලැබූවෙක් බව ‌‌හෙලිවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 14, 2019

කොච්චිකඩේ දේවස්ථානයට පහරදුන් බෝමබකරු නීති විද්‍යාලයට සුදුසුකම් ලැබූවෙක් බව ‌‌හෙලිවේ

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(14) නියෝග කළාය.

එහිදී මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස තම පුත්‍රයාගේ බවට ඔහුගේ මව සහ පියා විසින් හඳුනාගෙන තිබිණි.

අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් බෝම්බකරුගේ පියා සඳහන් කර ඇත්තේ 22 හැවිරිදි තම පුත්‍රයා නීතිය පිළිබඳ මුලික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටි බවය.

සායින්දමරුදු ප්‍රදේශයේ පදිංචි සබීනා සෙනුල් ආබ්දීන් නමැති ඥාති දියණියක සමඟ ඔහු විවාහ වී සිටි බවත් ඉකුත් අප්‍රේල් 14 වනදා කල්මුණේ ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටත් වූ තම පුත්‍රයා මියයන තුරුම දුරකථන ඇමතුමක් හෝ තමන් වෙත ලබා නුදුන් බවත් පියා විසින් සඳහන් කර තිබේ.

මීට අමතරව බෝම්බකරුගේ ඥාතීන් දෙදෙනෙකු ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad