මෙරට ආරක්ෂක අංශ සතුව තිබෙන ISIS ත්‍රස්තවාදීන් ගේ නම් ලැයිස්තුවේ සඳහන් ISIS ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු කොළඹ 7 ටොරින්ටන් ප්‍රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ එකම පවුලේ සහෝදරයන් වන මෙම දෙදෙනා සමග යුධ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි.
මෙම දෙදෙනා ගේ පියා මීට දින කිහිපයකට පෙර නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා ද ISIS ත්‍රස්තවාදී මතයට නැඹුරුව කටයුතු කරන බවට බුද්ධි අංශ මගින් හෙළිකරගත් තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

No comments:
Post a Comment