මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති - විගස පුවත් - Vigasapuwath

Tuesday, June 25, 2019

මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි - ජනාධිපති

මන් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා තීරණයක් අනුව කටයුතු කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.


අද වන විට රට තුළ දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිව තිබෙන බවත් තමන් පිළිගන්නේ යයිද කී ජනාධිපතිවරයා එම අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය බවද පැවසීය.

මීළඟට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහු රටට ආදරේ නම් මුලින්ම කළ යුත්තේ 19 සංශෝධනය අහෝසි කිරීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *