අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (02) දිනයේ පෙනී නොසිටින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා. ඒ අසනීප තත්ත්වයක් මත රෝහල් ගතව සිටින බැවින් අද (02) දිනයේ පෙනී සිටීමට නොහැකි බවටයි ඔහු දැනුවත් කර ඇත්තේ.
එමෙන්ම අද දිනය වෙනුවට එළඹෙන 08 වනදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුවත් කර තිබෙනවා.
මේ අතර, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ද අද (02) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.

No comments:
Post a Comment