දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල ද වන අතර වර්ග අඩි 19800ක් සහිත එම ගොඩනැගිල්ලට වර්ග අඩියකට රුපියල් 74 ක් බැගින් මාසික කුලී මුදලක් ගෙවයි.
නමුත් නවම් මාවතේ නව ගොඩනැඟිල්ලට ගෙන යාමට යෝජනා කර ඇත්තේ වර්ග අඩි 44000ක ඉඩක් සඳහා වර්ග අඩියකට රුපියල් 260 බැගින් මාසික කුලියක් ගෙවීමට යෝජනා කරමිනි.
එම ගොඩනැගෙන ලබා ගැනීම සඳහා වසරක ඇප මුදල් ලෙස රුපියල් මිලියන 138ක් හා මාස පහක කුලිය එකවර ගෙවීමට තවත් රුපියල් මිලියන 206ක්, ගොඩනැගිල්ල ඇතුළු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ද ආදී ලෙස රුපියල් මිලියන 364ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබින.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment