පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

පූජිත-හේමසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ! - හේමසිරි වේලාසනම රෝහල් ගතවේ !!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

පසුගිය අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ල වී ඇත.

මෙම නියෝග නිකුත් කර දින පහක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන ලිඛිතව කරුණු දක්වන්නැයිද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ද නියෝග කොට තිබේ.

නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධියේ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතය.

මේ අතර පූජිත ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා දැනටමත් දන්වා ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙන් තමන් මේ වන විට රෝහල්ගතව සිටින නිසා ලබන 08 වැනිදා තමන් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad