රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා විසින් මහා සංඝරත්නයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශය හෙලා දකිමු, සමෘද්ධිය යු.එන්.පිකාරයින්ට විතරක්ද ආදි විරෝධතා වැකි ලියු පුවරු රැගෙන මෙම මන්ත්‍රිවරු පිරිස සභා රැස්විමට පැමිණීම විශේෂත්වයකි.
මෙහිදි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා එජාපයේ විපක්ෂනායකවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.
සමෘද්ධි සහනාධාර ලබාදිමේදි විවිධ අක්‍රමිකතා සිදුවි ඇති බවත් ඉතා දිළිදු පවුල් සදහා සමෘද්ධිය ලැබි නොමැති බවත් දේශපාලනයෙන් තොරව සාධාරණ වැඩපිළිවෙළක් යටතේ සමෘද්ධිය ලබා දිය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි දර්ශන නිල් කුමාර විසින් යෝජනාවක් ද සභා රැස්විමට ඉදිරිපත් කළේය.
එජාපයේ දේශපාලන හෙන්චයියන්ට අවශ්‍ය අකාරයට සමෘද්ධිය ලබාදි ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය. එයට දැඩි විරෝධය පළ කළ විපක්ෂනායක ප්‍රිති ගාමිණි මන්ත්‍රිවරයා පසුගිය කාලයේ සමෘද්ධිය ලබා දුන්නේ සන්ධානයේ පාක්ෂිකයින්ට පමණක් බවත් අසාධාරණයට ලක්වු එජාප පාක්ෂිකයින්ට මෙවර සමෘද්ධිය ලබා දි ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.
No comments:
Post a Comment