මුලතිව් වට්ටප්පලේ හංදිය ප්‍රදේශයේ හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (14 ) උදෑසන 6.00ට පමණ හමුද සෙබලුන් රැගත් කැබ් රථය මාර්ගයේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබු කැබ්රථයේ ගමන් කළ හමුදා සෙබලුන් නව දෙනා මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇති අතර නිවාඩු ලබා සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.
No comments:
Post a Comment