රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නැයි එසේ උපදෙස් දී ඇත්තේ, රටේ බරපතලම ප්‍රශ්නය ජාතික ආරක්ෂාව යයි කියමින් ඉදිරි ජනධිපතිවරණයෙදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ සුදානමකින් සිටින අයකු වීම විශේෂ ම කාරණයකි.
ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වන නිලන්ත ජයවර්ධනගේ ඡායාරූප මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයන් තුළ පළවී නොමැත.
ඊට හේතුවී ඇත්තේ, ජාතික බුද්ධි අංශ ප්‍රධානින් අප්‍රසිද්ධි චරිතයක් ලෙස කටයුතු කලයුතු බවට පවතින ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන බුද්ධි අංශ සම්ප්‍රදාය නිලන්ත ජයවර්ධන විසින් ද දැඩි ලෙස අනුගමනය කරමින් සිටීම බව පැවසේ.
එවැනි තත්වයක් තුල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි ලබාදීමට නියමිත ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට නිරාවරණය කිරීමට දරන උත්සාහය අනුමත කල නොහැකි බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.
තේරීම් කාරක සභාව හමුවේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලබා දෙන සාක්ෂි හා බුද්ධි අංශ ක්‍රියාවන්හි වැදගත් තොරතුරු ඔහුගේ මුහුණ සමගම අනාවරණය කිරිම බරපතල පාවාදීමක් බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
මෛත්‍රීගේ බල බිඳෙන ලකුණු
සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ඉහතදී මාධ්‍ය ප්‍රධානින් හමුවේ අවධාරණය කර තිබිණ.
කෙසේවුවද රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට ජුලි 24 වැනිදා කැඳවන බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා බීබීසීයට පවසා තිබිණි.
ජුලි 24 වැනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද ජුලි 24 වැනිදා මෙම කමිටුව ඉදිරියට කැඳවා තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුවේ වාර්තාව අගෝස්තු මස මුල් සතිය වන විට සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසා ඇත.
අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය.
(ද ලීඩර්)

No comments:
Post a Comment