එසේම හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ වැදගත්කමද ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.
එහෙත් මෙහිදී කතානායකවරයාත් අගමැතිවරයාත් දැනුම් දී තිබුණේ ජනතා අපේක්ෂාව ජනාධිපතිවරණය බව යැයි ද සඳහන් වෙයි. මේ ගැන විපක්ෂ නායකවරයා සමඟද සාකච්ඡා කළ යුතු යැයි අගමැතිවරයා දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
කෙසේ හෝ පළාත් සභා ඡන්ද නොපැවැත්වීමේ හේතුව මත තනතුර හැර නොයන ලෙසද අගමැතිවරයා මැ.කො. සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟද පළාත් සභා මැතිවරණය තැබීම ගැන දුරකථනයෙන් කරුණු දක්වා තිබූ බව විපක්ෂය පවසයි.
මෙම සාකච්ඡාවලදී අගමැති, කතානායක හා විපක්ෂ නායකවරයා මෙහි පවත්නා නීතිමය තත්ත්වය ගැනත් මැතිවරණ කාලසටහනේ අනුපිළිවෙළ ගැනත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කරුණු දක්වා තිබිණි. ගිය බ්‍රහස්පතින්දා අගමැති රනිල් සහ විපක්ෂ නායක මහින්ද හමුවී මේ යෝජනාව ගැන අදහස් හුවමාරු කරගත් අතර ඔවුන්ගේ පොදු අදහස ජනාධිපතිවරණය නිසි වේලාවට පැවැත්වීම බවද වාර්තා විය.

No comments:
Post a Comment