ගුවන්යානා කසළද ලංකාවට.. දහනාගාරයේ පිලිස්සීමකින් තොරව ව්‍යාපාරිකයින් අතට.. රට තුලට විෂබීජ ගලා එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

ගුවන්යානා කසළද ලංකාවට.. දහනාගාරයේ පිලිස්සීමකින් තොරව ව්‍යාපාරිකයින් අතට.. රට තුලට විෂබීජ ගලා එයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගුවන්යානාවල කුණුත් ලංකාවට- දහනාගාරයේ පිලිස්සීමකින් තොරව ව්‍යාපාරිකයින් අතට- රට තුලට විෂබීජ ගලා ඒමේ අවධානමක්..

මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය එම ගුවන්යානා මගින් විනාශ කිරීම සදහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට දෙනු ලබයි.ඒ සදහා එම ගුවන් සමාගම් විසින් යම් කිසි මුදලක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ගෙවනු ලබයි. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම  එම අපද්‍රව්‍ය සිය සමාගම සතුව නයිකන්දේ පිහිටි දහනාගාරයට දමා පිලිස්සීම සිදු කිරීම වසර 15 ක කාළයක සිට සිදු කලද මීට වසර 3 නක සිට එසේ කිරීම නවතා දමා ඇත.

මේ වනවිට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම එම අපද්‍රව්‍ය ටෙන්ඩර් කැදවා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අතට පත් කිරීම සිදු කරයි. ගුවන්යානාවල අපද්‍රව්‍ය ගුවන්තොටුපලේදී එම ව්‍යාපාරිකයින්ට තෝරා ගැනීමට ලබා දෙන අතර ඉතිරිවන කොටස් පමණක් නයිකන්දේ පිහිටි දහනාගාරයට යවනු ලබයි. මෙසේ කිරීම විශාල සෞඛ්‍ය ප්‍රශ්ණ බවට අද පත්ව ඇත. විවිධ විෂබීජ ද රටපුරා ව්‍යාප්තවීමට මෙයින් ඉඩකඩ ඇත.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය අපද්‍රව්‍ය විකිණීමද යන්න අපට ගැටලුවක් වන අතර රටතුළට ඇතුල්වන විෂබීජ පිළිබදව වගකියන්නේ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම භාර ඇමතිවරයා වන අර්ජුණ රණතුංග මහතාද? නැතහොත් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා වන ධම්මික රණතුංග මහතාද යන්න අපි ප්‍රශ්ණ කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


No comments:

Post a Comment

Post Bottom Ad