අද සවස කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

අද සවස කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවයි


 කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු හයේ සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ 03, 04, 05, 06 සහ හෝකන්දර එම ප්‍රදේශයි. මීට අමතරව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ හා මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ අදාළ කාලය තුළ ජලය සැපයීමට නියමිතයි.

එමෙන්ම කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටද අද පස්වරු හයේ සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


No comments:

Post a Comment

Post Bottom Ad