අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද අද දිනයේ රහස් පොලීසිය වෙත නොපැමිනෙනු ඇති බවට වාර්ථා වෙනවා.
ඒ ඔහුට ඇති වූ හදිසි උණ රෝගී තත්වයක් මත රෝහල් ගත කර තිබීම හේතුවෙන්. පූජිත ජයසුන්දර මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද දිනයේ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට රහස් පොලීසිය විසින් මීට පෙර දන්වා තිබුණා.
මේ අතර, හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාද රහස් පොලිසිය හමුවට අද කැදවා ඇතත් ඔහුද රෝගී වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එ්කකයට ඇතුළු කර තිබෙනවා.

No comments:
Post a Comment