පොලීසියට ලද ඇමතුමකින් මාරවිල විශේෂ සෝදිසියක් - ශා.අන්තෝනි දේවස්ථානය පිටුපස තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගැනේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

පොලීසියට ලද ඇමතුමකින් මාරවිල විශේෂ සෝදිසියක් - ශා.අන්තෝනි දේවස්ථානය පිටුපස තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගැනේ

මාරවිල නගරයේ කතෝලික දේවස්ථානයක් පිටුපස ලදු කැලෑවක තිබි ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව මාරවිල පොලීසිය පවසනවා.

පසුගිය 01 වැනිදා සවස පොලීසියට ලද දුරකතන ඇමතුමක් අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන තිබෙනවා.


මාරවිල වීදි පාරේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය පිටුපස ලදු කැලෑවක මෙම ජීව උණ්ඩ තිබී ඇත.

එම ස්ථානයේ තිබී එස්.එල්.ආර්. වර්ගයට අයත් ජීව උණ්ඩ 02 ක්,මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ වලට සමාන ජීව උණ්ඩ 02 ක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

 අතර,වෙන්නප්පුව - ලුණුවිල පාලම අසල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මෙම ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බය කව්රුන් විසින් මෙම ස්ථාන වලට ගෙනිවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මාරවිල සහ වෙන්නප්පුව පොලීසි වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

මන්ප්‍රිය ජයශාන්ත


No comments:

Post a Comment

Post Bottom Ad