Loading...
සජිත් වෙනුවෙන් මෙම මස 23 වැනි දින මාතර මංගල සමරවීර ඇමැතිවරයා විසින් රැලියක් සංවිධානය කොට තිබේ. එම ජනරැලිය සඳහා බස්‌රථවලින් සිය ආධාරකරුවන් රැගෙන එන ලෙස දකුණේ එජාප මන්ත්‍රීවරුන්ට මෙන්ම සංවිධායකවරුන්ට ද දන්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙකී රැලිය ගැන සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ කාර්යාලය මගින් සිය ආධාරකරුවන් රැගෙන එන ලෙස දකුණේ එජාප මන්ත්‍රීවරුන්ට මෙන්ම සංවිධායකවරුන්ට ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ද දැනුවත්කොට තිබුණි. මේ අතර සිරිකොත පක්‌ෂ කාර්යාලය මගින් ද එජාප සංවිධායකවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් කතා කොට තිබේ. සිරිකොත පක්‌ෂ කාර්යාලය මගින් දන්වන රැස්‌වීම් හැර අනිකුත් රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙස දැනුම් දී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment