කොළඹ නිවාසවලින් බැහැර කරන කසළවලට ගාස්තු අයකිරීමේ යෝජනාවක් - ක්‍රියාත්මක වන දිනය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 17, 2019

කොළඹ නිවාසවලින් බැහැර කරන කසළවලට ගාස්තු අයකිරීමේ යෝජනාවක් - ක්‍රියාත්මක වන දිනය මෙන්න

කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එම යෝජනාව ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කරන්නේ.‍

කොළඹ නගරයේ හෝටල් හා ව්‍යාපාරික ස්ථානවලින් දැනටමත් සහන ගාස්තුවක් අයකරන බවද ඔහු සඳහන් කරන අතර  ලීටර් 40ක කසළ බාස්කට් එකක්  සඳහා දැනට රුපියල් 100ක් අයකරන බවත්,  නිවාසවලින් ලබාගන්නා කසළ ප්‍රමාණය අනුව නියමිත ගාස්තුවක් අයකිරීමට සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

දැනට කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරන අතර  එහි නඩත්තු කටයුතු සඳහා මෙලෙස මුදල් අයකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad