ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න රනිල් සූදානම්.. ප‍්‍රධාන කොන්දේසි තුනයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 17, 2019

ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න රනිල් සූදානම්.. ප‍්‍රධාන කොන්දේසි තුනයි !

දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදීමට නම් එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවෙයි. එම කොන්දේසි වන්නේ එජාප නායකත්වය වෙනස් නොකිරීම, අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ජාතික පෙරමුණේ මහලේකම් ධුරය වෙනත් පක්ෂ නායකයෙකුට ලබාදීමයි.

නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සජිත් පාර්ශවයන් මෙතෙක් ප්‍රතිචාර වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සභාපති වරයා ලෙස කටයුතු කිරීමටද යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය මුල සිටම කරන ලද ඉල්ලීමක් වූයේ ජනාධිපති අපේක්‍ෂක ධුරය බාර ගන්නේ පක්‍ෂ නායකත්වයද සමග බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad