එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් සිය දේශපාලන කටයුතු සඳහා වංචනික ආකාරයෙන් ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙම වංචාව දෙවැනි වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට පමණකැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විෂය භාර ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු රුපියල් බිලියන එකහමාරක් වංචනික ආකාරයෙන් එම අරමුදලෙන් බැහැර කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment