අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ විජේරාම පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අනුව මෙම හමුව සිදුව තිබෙනවා. එසේම පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිතව තිබෙන අතර එවන් පසුබිමක මෙම හමුව සිදුව තිබීම විශේෂත්වයක්.
මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz ද සහභාගී වී තිබෙනවා.
Sunday, August 11, 2019

පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment