සල්ලි නැතිකාලේ අපි දෙන්නම එතන එළිවෙනකන් තුරුල්වෙලා හිටියා
දැන් අපි plan කරගෙන ඉන්නේ ලංකාවට ඇවිත් අපේම දෙයක් පටන්ගන්න
අද වනවිට සමාජයේ බහුතරයක් එකම දෛනික ජීවන රාමුවකට කොටුවෙලා හතිවැටෙමින් එදිනෙදා ජීවිතේ ගෙවෙනවා.හැබැයි මේ අතර පවතින සමජ රාමුවෙන් පිටටවිත් ජීවිතේ විදින අපූරු පිරිසකුත් ඉන්නවා.ඉතිං GOSSIP 99 අද අපේ කතාබහ ඒ විදියට ජීවිතේ විදින ආදරණීය යුවළක් ගැන.
ඉතිං චිරන්තන කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වලනම් ඉතාලි ප්ලෝරන්ස් වල ඉන්නේ.දැනට සති දෙකක් වගේ තමයි වෙන්නේ ලංකාවෙන් ඇවිල්ලා.ඉතික් පහුගිය කාලේ ලංකාවෙදි අපේ project වල වැඩ ගොඩක් ඉවරකරගන්න පුලුවන් වුණා.මේ දවස් ටිකේ quarantine කාලේ උනත් නදි මායි එකතුවෙලා ඉස්සරහට කරන්න තියෙන project ප්ලෑන් කරනවා.
මේ දවස් වල social media හරහා තාරුණ්‍යයේ ආදරණීයම යුවළ බවට පත්වෙලා ඉන්නේ ඔබ දෙපළ.ඉතිං ඒ ආදර කතාව ගැන මුලින්ම අපි කියලා ඉමු?
ඔව්,අපි දෙන්නගේ engagement එක ජනවාරි 21 ඉතාමත් සරලව,හිත මිතුරො 50 දෙනෙක් එක්ක සැමරුවා.ඇත්තටම ඒක අපේ ප්‍රයිවට් දෙයක්.ඉතිං ලෝකෙටම අණබෙර ගහලා ලොකුවට celebrate කරන්න අපි දෙන්නටම උවමනා උනේ නෑ.ඒ නිසා අපි දෙන්නටම හරි කියලා හිතෙන විදියට ඒක රාත්‍රියේ outdoor කරපු පුංචි සාදයක්.
අපි හැමතිස්සෙම MINIMALISM කියන lifestyle එකට ලංකාවේ තාරුණ්‍යය හැඩගස්වන්න උත්සහ කරනවා.ඇත්තටම ඒ කියන්නේ හැමදෙයක්ම සරලව ගන්න සහ තමන්ට පුලුවන් විදියට වැඩකරන්න වගේ අදහසක්.ඒ නිසාම තමයි ගොඩක් චාම් විදියට අපි black dressing කළේ.ඒක ගොඩදෙනෙක් ඉතා ආදරයෙන් වැළදගෙන තියෙනවා.ණය වෙලා wedding ගන්නවා වගේ දේවල් ගොඩක් බොළද ආකල්ප විදියට තමයි අපි දෙන්නා දකින්නේ.ඉතිං අපි දෙන්නගේ ආදරේ නිතරම උත්සහ කරන්නේ යතාර්ථය තේරුම්ගන්න
"Binario 12" කියන්නේ මුළු ලෝකය පුරාම ජනාදරය දිනාගත් traveling page එකක්..අපි ඒ ගැනත් කතා කරමු
Binario 12 කියන එකේ සිංහල තේරුම තමයි "දොළොස්වන පදික වේදිකාව"කියන දේ.නදියි මායි මුලින්ම හමුවුණේ ඔය තැනේදි.අපි දෙන්නගේ ආදරේ ගොඩක් මතකයන් ඔය තැනත් එක්ක බැදිලා තියෙනවා. ("නදියි මායි දවසක් meet උන වෙලාවකදි ඇත්තටම සල්ලි නැතිකාලේ අපි දෙන්නම එතන එළිවෙනකන් තුරුල්වෙලා හිටියා")Page හැමදේම පටන් ගන්න කලින් travel කරන පොතක් අපි දෙන්නට තිබුණා.ඉතිං මං exam වලට ටිකක් stress වෙලා ඉන්න කාලේ තමයි නදී මට birthday gift එකක් විදියට page එක creat කළේ.ඒත් එක්ක අපි දෙන්නම ගොඩක් travel කරනවා.ඇල්ල travel එකත් එක්ක ගොඩක් අයගේ ආදරයක් අපිට social media හරහා ලැබුණා.හුගක් අය යුරෝපයේ ජීවත්වෙන සරල කපල් එකක් කියන් දේත් එක්ක අදවෙනකොට binario 12 ලොකු ආදරයක් ලෝකය පුරාම ලැබෙනවා.
ඇත්තටම traveling කියන්නේ හරිම interesting side එකක්.ඉතිං චිරන්තනගෙයි නදීගෙයි මේ වනවිට traveling සම්බන්ධව තියෙන අත්දැකම් ගැන මතක් කරනවානම්
නදී- traveling කියන්නේ අයියටයි මටයි හරියට කරන්න පුලුවන් එකම දේ.ඉතිං අපි යුරෝප් travel කරන නිසා අපිට ගොඩක් සල්ලි ඕනි වෙනවා.ඉතිං අපි දෙන්නම කරන්නේ school යන ගමන් campus යනගමන් එක එක දේවල් කරලා අපි සල්ලි හොයාගත්ත.ඒ දේවල් එක්ක අපි දෙන්නම ජීවිතේ target achieve කරගන්න පුරුදුවුණා.මුළු ලෝකෙම එක එක තැන වල travel කරද්දි අපි මේ ලෝකේ පයගහලා ඉන්න මිනිස්සු වගේ අපි ජීවිතේට අලුත් දෙයක් ඉගෙනගන්නවා.එකම ප්‍රශ්නෙට මුළු ලෝකෙම එක එක විදියට උත්තර හොයනවා අපි දකිනවා.ඇත්තටම අයියටයි මටයි traveling කියන්නේ මේක තමයි.
ලෝකෙවටේ යන ගමන අතරතුර මුණගැසුණු විවිධ සංස්කෘතීන්,විවිධ ජාතීන් ගැනත් කතා කරනවානම්
මේ වෙනකොට ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා.ඒ හැමදේම එකතු කරලා කියනවානම් ඒ එකට එකක් වෙනස්.අපි අලුතෙන් තැනකට ඇතුළු වෙනකොට ඒ භාෂාව,ඒ සුවද,පාටවල් වලින් හැමදේකින්ම වෙනම ලෝකෙකට ඇවිත් ඉන්නේ කියලා අපිට feel වෙනවා.ඒ යන හැම තැනකින්ම හිතන්නේ නැතිවිදියට ගොඩක් ලොකු welcome එකක් ලැබිලා තියෙනවා.ඒ ගොඩක් මිනිස්සු අපිට නොහිතෙන වෙලාවල්වල උදව් කරනවා.යුරෝප් කියන්නේ ගොඩක් තැන් වලින් ආපු අයගේ නවාතැන්පලක්. ඒ ගොඩක් අය එයාලගේ සංස්කෘතින් ගැන අපිට කියනවා.ඉතිං අපි දෙන්නා නිතරම බලාගෙන ඉන්නේ අලුතෙන් දෙයක් ඉගෙනගන්න.අපි travel කරන්නෙම අලුතින් අයත් එක්ක කතා මිනිස්සු එක්ක engage වෙන්න.
අදවනවිට ලංකාවේ ගොඩක් දෙනෙක් ආර්ථිකය යන තැන හිරවෙලා ජොබ් එකකට කොටුවෙච්ච බවක් දකින්නට ලැබෙනවා.ඉතිං ගොඩදෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි චිරන්තනගෙයි නදීගෙයි තාරුණ්‍යය ඔය කියන ආර්ථිකය යන සීමාවේ හිර නූනාද යනව.
නදි-සල්ලි කියන දේ ගොඩාක් අවශ්‍යය දෙයක්.අයියයි මායි ඉස්කෝලේ යන කාලේ ඉදන්ම පොඩි පොඩි දේවල් කරලා සල්ලි හෙව්වා.ඒ වගේම ඉගෙනීම කියන්නේ ලෝකේ අනිවාර්ය දේ.ඒ හින්දා දෙන්නම ෆීල්ඩ් දෙකක හොදට ඉගෙනගත්තා.ඒකෙන් ලොකු වැටුපකට අපිට යන්න පුලුවන් වුණා.ඉතිං මුලදි ආර්ථික ප්‍රශ්න තිබුණා.නමුත් අපි දෙන්නා අවුරුදු ගාණක කැපකිරීමක් කරලා හොදට ඉගෙනගෙන හොද සතුටෙන් කරන ජොබ් එකක් කළා.දැන් අපි දෙන්නම ජොබ් වලින් අයින් වෙලා ඉන්නේ.දැන් අපේ ඊළග target එක ලංකාවට ඇවිත් අපේම කියලා දෙයක් පටන් ගන්න එක.ඒක ඔන්න මුල්ම වතාවට gossip 99 හරහා තමයි අපි කියන්නෙත්. අනිවාර්යයෙන්ම target එකක් තියෙනවානම් ඔයා ඔයාගෙන trust කරලා ගොඩක් කැපවීමෙන් වැඩ කරන්න
චිරන්තනගෙයි නදීගෙයි ගම්පළාත, පවුලේ විස්තර,පාසල් කාලය ගැනත් මතක් කරමු
චිරන්තන-මගේ ගම හලාවත.මගේ පාසල තමයි හලාවත ශාන්ත මරියා පිරිමි විදුහල.ඉස්කෝලේ යනකාලේ හරියට කරපු එකම දේ තමයි ක්‍රිකට්.මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි .දැන් අපි හැමෝම ඉන්නෙ ඉතාලියේ මිලානෝ වල
නදි- මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියි.අපි ලංකාවේ වැල්ලම්පිටියේ.මං හයවසරෙදි වගේ තමයි ඉතාලි ආවේ.ඉතිං කැම්පස් යනකන්ම ඉගෙනගත්තේ මෙහෙ.දැන් අපි ඉන්නේ ඉතාලි ෆ්ලෝරන්ස් වල
එතකොට අනාගත බලාපොරොත්තු ගැන කියනවානම්
දැන් අපි plan කරගෙන ඉන්නේ ලංකාවට ඇවිත් අපේම දෙයක් පටන්ගන්න.ඒ කියන්නේ අපේ මේ lifestyle එක ලංකාවේ අයට දෙන එක.තව අපේ project එකක් තියෙනවා ඉස්කෝල වලට උදව් කරන "කදුරට සවිය" ඉදිරියට කරගෙන යන්න.
අවසාන වශයෙන් ජීවිතේ විදින්න කැමති තාරුණ්‍යයට මොකද්ද කියන්න තියෙන්නේ?
අපේ කට්ටිය ගොඩක් ජීවිතේ complicate කරගෙන තියෙන්නේ.ඉතිං ඒ අමාරුකම් වලින් මිදිලා සරල වෙන්න ඕනි.අනිත් දේ තමයි ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා සමාජෙට ඕනි විදියට හැඩගැහෙන්න.ඉතිං එක රාමුවක ඉන්න එපා.ඔයාට හිතෙනවානම් ඔයා කරන්නේ හරි දේ කියලා ලැබිලා තියෙන ජීවිතේ විදින්න. Target තියාගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න.
ඔයාලගෙ කතාවත් ලොවටම කියන්න ගොසිප්99 අපිට කියන්න....
කවී.... - GOSSIP99
No comments:
Post a Comment