ශවේන්ද‍්‍ර පත් කලාට ඇමරිකාවේ විරෝධය.. අයෝජන අකුලන බව රොයිටර්ට කියයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 21, 2019

ශවේන්ද‍්‍ර පත් කලාට ඇමරිකාවේ විරෝධය.. අයෝජන අකුලන බව රොයිටර්ට කියයි !

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීම හේතුවෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන යුද්ධමය සහයෝගිතාවය හා ආයෝජන වලට බලපෑමක් එල්ලවනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය සමග අදහස් පළ කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු මේ බව සඳහන් කර තිබේ.

මෙම පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් නිර්මාණය විය හැකි බවද එම නිලධාරියා සඳහන් කර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ බවත් මින් ඉදිරියට ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතාවක් පවත්වා ගත නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad