ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඞ ක්‍රියාකාරී පුද්ගලයෙකු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාරයන් ගෙනගිය ද ඔහු නරක පුද්ගලයෙකු නොවන බවයි.
ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ද යන්න පිළිබදව මෙහිදි ඉන්දීය මාධ්‍යවේදීයා විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා සිතන පරිදි එය ජනතාව තීරණය කර ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුස්ලිම් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කළ බවට පැතිර යන ප්‍රකාශ විපක්ෂය විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරයක් බවත් මේ වන විට එය මුස්ලිම් ජනතාව තේරුම්ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සුළු ජාතීන් තුළ ද මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් ඇති වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.
පසුගිය 2015 ජනාධිපතිවරණය පරාජයට හේතුව ඉන්දීය රෝ සංවිධානය බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදි ඉන්දීය මාධ්‍යවේදීයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.
ඊට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ එය අතීතය බැවින් මේ වන විට එම සිදුවීම් අමතක කර වෙන කවරදාටත් වඩා දෙපාර්ශවය අතර එකිනෙකා හොදින් තේරුම්ගෙන කටයුතු කරන බවයි.
පසුගිය පාස්කු ප්‍රහාරය සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සංවර්ධනය ලබාදිය හැක්කේ තමන් ඇතුළු පාර්ශවයට පමණක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉන්දීය රජය තේරුම්ගෙන සිටින බව ද මහින්ද රාජපක්ෂ මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇති බව සදහන්.
– adaderana
Sunday, August 11, 2019

මා නම් කිරීමට පෙර ජනතාව විසින් ගෝටාභය අපේක්‍ෂක කර අවසන්..- මහින්ද ලෝකයටම කියයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment