Loading... බස් රථයක් තුළදි කාන්තාවකගේ ඇගපගස අතගෑ උප පොලිස් පරික්ෂකවරයකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර උප පොලිස් පරික්ෂකවරයා රුපියල් ලක්ෂ තුන බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හම්බන්තොට වැඩබලන මහේස්ත‍්‍රාත් ඒ.එම් ආරියසේන මහතා නියෝග කෙරුණි. මෙලස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත නිදහස් කෙරුණේ තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරික්ෂක වරයෙකි.සැකකරු විවාහක දෙදරු පියෙකි. අදාල පැමිණිල්ලට අනුව හම්බන්තොට පොලිසිය විසින් 24 දා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එදින සවස සැකකාර උප පොලිස් පරික්ෂක වරයා හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. -දිවයින පුවත්පත.
No comments:
Post a Comment