ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න - සජිත් (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 15, 2019

ජනාධිපතිවරණයට මා එනවා.. මා ජනාධිපති නොකලොත් සුදු වෑන්වලින් කැරකොප්පුවට යන්න සැරසෙන්න - සජිත් (video)

දිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව එලිපිටම, පිරිසිදුව ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ අනුව නොවැම්බර් මාසයේ තමා ජනාධිපති කර බස් රථයෙන් ගෙදර යනවාද එසේ නැතහොත් සුදු වෑන් එකෙන් කැරකොප්පුවට යනවාදැයි තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ඇති බවද ඔහු පවසයි.


ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් නැවතුම් පලක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයක් අමතමිනි.

බියගුළු භීෂණකාරී ජීවිතයක් ගත කිරීමට ජනතාව බලාපොරොත්තු වෙන්නේ දැයි ප්‍රශ්න කළ ඇමතිවරයා අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේදී මනුස්ස කමේ නාමයෙන් මනුෂ්‍යත්වය ජයගෙන ස්ථිර වශයෙන්ම අලූත් රටක් ගොඩනගන බව ද එහිදී තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad