ජනපති ඡන්දය අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 15, 2019

ජනපති ඡන්දය අද

නාධිපතිවරණය අදයි. ඒ අනුව අද උදෑසන 7 සිට සවස 5 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 12,845කදී ඡන්දය පැවැත්වෙනවා. 

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රාජකාරි සඳහා සමස්ත පොලිස් නිලධාරීන් 60,175ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 8080ක් යොදවා ඇති අතර පොලිසියේ සහායට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදා ගන්නා බව පොලිසිය පවසනවා.



මැතිවරණ කාල සීමාව තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක, පොලිස් ජංගම සංචාර සහ හදසි අවස්ථා සඳහා යොදා ගැනීමට කැරලි මර්දන ඒකකයක්ද සීරුවෙන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43කදී ඡන්දය ගණන් කිරීමට කටයුතු සලසා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad