මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් 100 කට අධික පිරිසක් රජයේ වියදමින් පිටුවහල් කිරීමට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් 100 කට අධික පිරිසක් රජයේ වියදමින් පිටුවහල් කිරීමට යයි


මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් රජයේ වියදමින් සිය රටට පිටුවහල් කිරීමට අවධානය යොමුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා ප්‍රකාශ කළේ, මීට පෙර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත පත්‍රිකාවක් යොමු කළද ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතියක් ලබාදී නොමැති බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයකින් මෙරට රැඳවුම් භාරයේ පසුවන අදාළ නයිජීරියානු ජාතිකයින් පිටුවහල් කිරීමට සැලසුම් කර තිබු නමුත් මුදල් අමාත්‍යාංශයේ දැනුම්දීම මත අනෙකුත් ගුවන් සමාගම්වලින් අදාළ කටයුතු සඳහා මිල ගණන් කැඳවීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

මෙලෙස රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන්ගෙන් බොහෝ දෙනක් මූල්‍ය වංචාවලට සම්බන්ධ වූවන් බවයි.

මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ නයිජීරියානු ජාතිකයින් 111 දෙනෙකු සිටිය යුතු නමුත් ඉන් 09 දෙනෙකු පසුගිය 05 වැනි දා වනවිට පළා ගොස් තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, පළා ගිය නයිජීරියානු ජාතිකයින් සම්බන්ධයෙන් පොලීසිය බුද්ධිඅංශ ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad