මහරගම අපේක්‍ෂා රෝහලට අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ගන්න රු. කෝටි 100ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

මහරගම අපේක්‍ෂා රෝහලට අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ගන්න රු. කෝටි 100ක්

මහරගම අපේක්‍ෂා රෝහලට අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 24 ක් මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය හා දේශීය වෛi සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මුදල් වෙන්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම සතියේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීම් යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමට තීරණය කර ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීමත් සමග ඉදිරි මාසයේ සිට පිළිකා රෝහලේ තිබූ අත්‍යවශ්‍ය ඖෂධවල හි`ගය මගහරවා ගත හැකි යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උපාලි ද සේරම් - දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad