ඉදිරි මහා මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.
කඩවත කැනෝලා උත්සව ශාලාවේ දි පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බල මණ්ඩලයේ දී රණතුංග මහතා මේ බව සදහන් කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගත් ගිවිසුමේ කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය බව පැවසු රණතුංග මහතා ජනතාව ඉල්ලන ජයග්‍රාහි ලකුණ පොහොට්ටුව බව ද අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කිරීමට අපේක්ෂා කරන බව ද රණතුංග මහතා මෙහිදි කීවේ ය.
මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේ ය.
“ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වුණා. අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තා. නමුත් අපිට බහුතරය නෑ. බහුතරය නැතත් අපි අපේ ආණ්ඩුවට අන්තවාදීන්ගේ සහාය ගන්නේ නෑ. ජාතික ආණ්ඩු ගහලා නැවත මේ රටේ ජනතාව රැවැට්ටුවේ නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාව ලබා දුන් ජනවරමට අනුව යි. ඒ ජන වරමට පටහැනි කිසිවක් කරන්න අපි සුදානම් නෑ. ඒ ජන වරම අපි දිවි හිමියෙන් රකිනවා.
අපි ලැබු ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල් රාජපක්ෂ මහතා යි. 2015 ජනාධිපතිවරණ පරාජයේ දි එහි වගකීම බාරගන්න කිසිවෙකු සිටියේ නෑ. ඒ වගකීම බාරගත්තේ බැසිල් රාජපක්ෂ මහතා යි. ඔහු එදා රටින් පිටව ගියා ම හැමෝම ඔහු ට බැන්නා. නමුත් එතුමා නැවත ලංකාවට ඇවිදින් අපිට කීවේ මම නැවත මහින්ද මහත්තයව රටේ නායකයා කරවන බවයි. පොහොට්ටු පක්ෂය හදමින් ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා කළ මෙහෙය අපිට කිසිසේත් අමතක කරන්න බෑ.
මේ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලයෙන් ම රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නා. පසුගිය ආණ්ඩුව ජනතාව මත පටවා තිබුණු අධික බදු බර ඉවත් කරන්න කටයුතු කළා. සමහරු කිව්වේ මේ බදු කවදාවත් ඉවත් කරන්න බෑ කියලයි . ආණ්ඩුව බලාගෙන ඉන්නවා මේ ලබා දුන් බදු සහනවල වාසිය ජනතාවට සෘජුව ම ලැබෙනවා ද කියලා. කවුරු හරි ඒවා ට බාධා කරනවා නම් ඒ අය ගැනත් අපි නිසි පියවර ගන්නවා.
ලබන පෙබරවාරි මාසයේ දි අපි අනිවාර්යෙන්ම ආණ්ඩුව විසුරුවනවා. ඉන් පසු පැවැත්වෙන මහා මැතිවරණයේ දි අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා .
ඒ ආණ්ඩුව අපි හදන්නේ පොහොට්ටුවෙන් . ශ්‍රීලනිපය සමග අප එළඹි ගිවිසුම මොකක් වුණත් අපි ඉදිරියේ එන සියලු මැතිවරණ තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අපි ඒ ගැන අපේ නායකයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
– ප‍්‍රදීප් අනුර කුමාර
Sunday, December 1, 2019
මහ මැතිවරණය පොහොට්ටුවෙන්.. 2/3 ජයක් අනිවාර්යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment