2/3 බලයක් ගන්න ජනාධිපති කුමන්ත‍්‍රණය කරනවා.. ඒකට ඉඩ දෙන්න බෑ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

2/3 බලයක් ගන්න ජනාධිපති කුමන්ත‍්‍රණය කරනවා.. ඒකට ඉඩ දෙන්න බෑ…

ලබන තුන්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවා රාජාසන කතාවෙන් පසු නැවතත් පාර්ලිමේන්තු සැසිය අවසන් නො කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ තම ආසනයේ අසුන් ගෙන ප්‍රජාතන්ත්‍රවාදීව තම අරගලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

විපක්ෂ නායකයා මෙන්ම මීළඟ අගමැති අපේක්ෂකයා ද වන ඔහුට පාර්ලිමේන්තුව තුළ සිය කටයුතු සිදු සිදු කිරීමට ඉඩකඩ අවහිර කිරීමක් සිදු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මෙම අදහස් මන්ත්‍රීවරයා පළකරන ලද්දේ ගාල්ලේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව කල් දැමීම හරහා මීළඟ මහ මැතිවරණයෙන් 2/3 බලයක් ගැනීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අදහස් කර සිටින බවද පැවසූ ඔහු 2/3 තියා 113ක ආණ්ඩුවක් වත් සාදා ගැනීමට ඉඩ නොතබන බවද තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad