කරූ රනිල්ට බෑ කියයි- එජාප නායකයන් ළඟදීම ගන්න යන වැදගත් තීරණයක් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

කරූ රනිල්ට බෑ කියයි- එජාප නායකයන් ළඟදීම ගන්න යන වැදගත් තීරණයක් එළියට

ජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකමතික අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාරගැනීමට තමන් කිසිවිටෙක සූදානම් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා එජාප නායකයාට දන්වා තිබේ.

මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නය මෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවන ලෙස ඉල්ලීමක් කර තිබියදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද කරු ජයසූරිය කථානායකවරයා හමුවී එම ඉල්ලීම කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

“මේ වගේ අර්බුදයක් තිබූ උෟව පළාත් සභා මැතිවරණයට පෙර ඔබතුමා මගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත්කළා. පක්ෂය ජයග්‍රහණය කරා මම ඒ මැතිවරණය මෙහෙයවීමේ වගකීම භාරගත්තා.  එතැනදී මම විශාල වැඩ කොටසක් කළා. මම ගිහින් හරින්ගේ තාත්තාට කතා කරලා හරින්ව පාර්ලිමේන්තුවෙන් අයින් කරගෙන හරින්ව මහ ඇමැතිකමට ගේන්න එකඟ කරගත්තා. ඒ වෙලාවෙත් සජිත් වෙනම ගමනක් යමින් හිටියේ. මම ගිහින් කතා කරලා සජිත්වයි ඔබතුමාවයි එකම වේදිකාවකට ගෙනත් පක්ෂයේ එකමුතුකම රටට පෙන්නුවේ. අන්තිමට නායකත්ව මණ්ඩලය විසුරුවා ඔබතුමා මාව කරපිංචා කොළයක් වගේ පැත්තකට විසිකළා. ඔබතුමා සජිත් වගේ වෙනම ගමනක් ගියා” යනුවෙන් එහිදී කථානායක කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.

“මේ පිළිබඳව පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරි පියවරක් ගමු” යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කථානායකවරයාට පවසා තිබේ.

කෙසේ වුවද මහ නායක හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයද එජාප මන්ත්‍රිවරු මෙන්ම වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන්ද අවධාරණය කර ඇත්තේ වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් බැහැරව යෑමට සුදුසුම අවස්ථාව එළැඹී ඇති බවයි.

උපතිස්ස පෙරේරා


No comments:

Post a Comment

Post Bottom Ad