පාඨලීගේ වාහනේට හැප්පුණු සන්දීප්ගේ වගකීම එලියන්ත වයිට් භාරගනී - අගමැති මහින්දත් මැදිහත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

පාඨලීගේ වාහනේට හැප්පුණු සන්දීප්ගේ වගකීම එලියන්ත වයිට් භාරගනී - අගමැති මහින්දත් මැදිහත් වෙයි

රිය අනතුරකට ලක් වී ආබාධිත තත්ත්වයෙන් පසුවන සන්දීප් සම්පත් ගුණවර්ධන (27) තරුණයා සුව කිරීමට හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට් මහතා ඊයේ (16දා) එම තරුණයා සමඟ පැවැසීය.

වෛද්‍ය එලියන්ත වයිට් මහතා එසේ සඳහන් කළේ ඊයේ (16දා) එම තරුණයා පරීක්ෂා කිරීමෙන් පසුවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සන්දීප් සම්පත් තරුණයා ඊයේ උදේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් වෛද්‍ය එලියන්ත වයිට් මහතා හමුවූයේය.

ආබාධිත තත්ත්වය සුව අතට හැරවීම සඳහා තරුණයාගේ හිතේ තිබෙන හයිය ප්‍රමාණවත් බවද ප්‍රකාශ කළේය.

පසුගිය 2016 වසරේදී චම්පික රණවක මහතා ගමන්ගත් රථයක ගැටීම නිසා එම තරුණයා ආබාධිත තත්ත්වයට පත්වී සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad