මීට හේතුව මේ වන විට අනාවරණය වී ඇති ඇත. ඒ අනුව මේ පිරිසට රජයේ ඉහල තනතුරු භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඊට පාදක වී ඇත්තේ මෙම වෘත්තිකයන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඇති සැලසුමයි.
මේ අයට අමතරව වියත්මග, එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව වාර්තා වේ. දැන උගත් දේශප්‍රේමී වෘත්තිකයන් දේශපාලනයට පිවිසිය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.
දේශපාලන ආරංචිමාර්ග අනුව මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
– ශානක ප්‍රසන්න


No comments:
Post a Comment