සංඝයා වහන්සේලාගේ නායකත්වයට කවුරුත් නෑ - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

සංඝයා වහන්සේලාගේ නායකත්වයට කවුරුත් නෑ - රතන හිමි

සංඝයා වහන්සේලාට මේ වන විට නායකත්වය ලබා දීමට කිසිවෙකු නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

පොළොන්නරුව දියසෙන්පුර පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියන් මෙසේද පැවසීය.

"සාංගික දේපලවලින් ලැබෙන දේ පොදුවේ බෙදී යන්නේ නෑ. සෑහෙන තරම් මුදලක් බෞද්ධ විහාරස්ථානවලට හිමිවන නමුත් එම මුදල් පොදු සංඝයාගේ යහපත වෙනුවෙන් යෙදවෙන්නේ නෑ. එමෙන්ම අධ්‍යාත්මක නායකත්වයත් අද වන විට නොමැති බවත් මිනිසුන් දන්නේ බොහෝම පොඩි දෙයක්. කිසිදු පාලකයෙකුට පැවති ත්‍රස්තවාදය පරාජය කළ හැකි යැයි විශ්වාසයක් නොතිබුණ බවද 2007 දී තමා භික්ෂූන් වහන්සේලා 9ක් සමඟ පාර්ලිමේන්තු ගිය බවත් එදා එසේ නොකරේ නම් ආණ්ඩුව පාලනය කරනු ලබන්නේ සුළු ජාතික පක්ෂයි.එම තත්ත්වය එදා නැවතුණේ තමන් ඇතුළු සංඝයා නිසාවෙන් බවද උන්වහන්සේ 2008 පැවති තීරණාත්මක මැතිවරණයේ දී එක් ඡන්දයකින් අයවැය ජයග්‍රහණය කළා.එනිසා දරුණු ත්‍රස්තවාදයක් අවසන් කිරීමට තමා තීරණාත්මකව කැපවීම ගැන අදටත් තමා සතුටු වනවා"


No comments:

Post a Comment

Post Bottom Ad