චම්පිකගේ හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

චම්පිකගේ හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි !

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට එරෙහි චෝදනාවලට තවත් ප්‍රබල සාක්ෂියක් පොලිසියට ලැබී තිබේ.

2016 වසරේ දී අදාළ අනතුර දිනයේ රිය පැදවූ රණවක ඇමතිවරයා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීම සදහා කටයුතු කල පුද්ගලයා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

අදාළ රිය අනතුර වූ අවස්ථාවේ නම් චම්පික රණවක රියැදුරා නොවන බවට සහතික කිරීම සඳහා බොරැල්ල පොලීසියට තුසිත කුමාර නම් රියදුරු ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇත්තේ මෙම සාක්ෂිකරුවා විසිනි.

මෙම සාක්ෂිකරු හර්ෂ තිලකසිරි නම් පුද්ගලයකු වන අතර සිදුවීමෙන් පසු ඔහු චම්පික රණවක ඇමතිවරයා ගේ තර්ජනය හේතුවෙන් රටින් පිට වී ගොස් ඇති අතර මෑතක සිදුවූ ආණ්ඩු වෙනසින් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඔහු පොලිසියට සියලු සිදුවීම සඳහන් කර ඇති අතර තමන් එදින චම්පික රණවක ඇමතිවරයා වෙනුවෙන් තුසිත කුමාර නම් රියදුරා ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට ගෙන ආ බව ඔහු තම ප්‍රකාශය මගින් පැහැලිදිව සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad