ලන්ඩන්යේ කොටින් බිය කලා කියා ප‍්‍රියංක ප‍්‍රනාන්දු එංගලන්ත උසාවියෙන් වරදකරු කරයි - දඬුවම් ලබාදෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

ලන්ඩන්යේ කොටින් බිය කලා කියා ප‍්‍රියංක ප‍්‍රනාන්දු එංගලන්ත උසාවියෙන් වරදකරු කරයි - දඬුවම් ලබාදෙයි

2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර්වරයා ඊට වරදකරු බව අධිකරණය තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ එවක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණ නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

චූදිත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව විභාගයට ගත් ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් විනිසුරු එමා ආර්බත්නොට් (Emma Arbuthnot) දුන් තීන්දුවෙන් ප්‍රකාශ වෙන්නේ යුද හමුදා නිලධාරියා එම චෝදනාවලට වරදකරු වෙන අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොලැබෙන බවය.

අදාළ දිනයේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දමිළ හිතවාදීන් කණ්ඩායමක් ධජ පතාක රැගෙන සටන්පාඨ කියමින් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියදී නිල ඇඳුමින් සැරසුන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම විරෝධතාවාදීන්ගේ ගෙල කපා දමන බව දැක්වෙන ඉඟියක් තුන් වරක්ම සිය අතේ ඇඟිලිවලින් විදහා දක්වා ඇති බවත් අධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ වෙයි.

නිලධාරියාගේ එම හැසිරීම එම අවස්ථාවේ ගනු ලැබ ඇති “නිශ්චල ඡායාරූප සහ වීඩියෝ පට මගින් තහවුරු කෙරෙන” බවත් තීන්දුවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad