චීනයේ සිට එන අය දියතලාවට එපා.. දොස්තරලා විරෝදය පාති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 28, 2020

චීනයේ සිට එන අය දියතලාවට එපා.. දොස්තරලා විරෝදය පාති..

චීනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන මගීන් දියතලාව හමුදා කඳවුරට ගෙන ඒම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් විරෝධය පළකරති.

බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ දියතලාවේදී කොරෝනා රෝගී තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා කිසිදු පහසුකමක් නැති බවයි.

එවන් තත්ත්වයකදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට නැවතත් කොළඹට ගෙන ඒමේදී ගැටලු ගණනාවක් ඇති වන බවද සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දියතලාව හමුදා කඳවුරේ තබා ගත්තද මෙවන් වසංගතයක් පැතිර යාමට නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව සංගමයේ අදහසයි.

මෙවන් වෛරසයක් ආසාදිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට ගෙනැවිත් දැමීම තවත් ගැටළුවක් ඇති කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad