ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“වෙනස්ව හිතන්න, අලුතින් හිතන්න, රාමුවෙන් පිට පැනලා හිතන්න, එහෙම වුණාම අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. දැන් සමහරුන්ට මේක බෑ කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මම නම් කියන්නේ පුළුවන් කියලා. දැන් මේ රටේ තරුණයෝ නගර වල චිත්‍ර ඇන්දා, තරුණයෝ කල්පනා කළා රට වෙනස් වෙන කොට අපි තරුණයෝ විදිහට ඒ වෙනසේ අපේ කොටස මොකක්ද, අපි මොකක්ද ඒ වෙනසට දෙන දායකත්වය කියලා. ජනාධිපතිතුමා ඒ තරුණයින්ට කිව්වේ නෑ චිත්‍ර අදින්න කියලා. ආණ්ඩුව හෝ දෙමවුපියෝ කිව්වේ නෑ චිත්‍ර අදින්න කියලා. තරුණයෝ කීප දෙනෙක් කථා බහ කරලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ශෙයාර් කරලා රට වෙනස් වෙන කොට අපිත් යමක් කරන්න ඕන කියලා. නගරයේ කැත වෙලා තිබුණ තාප්පය, බස් හෝල්ට් එකේ චිත්‍ර අදිමු කියලා තරුණයෝ කථා බහ කළා. ඒක රැල්ලක් වුණා. අල්ලපු ගමේ නගරයේ කථා කරලා ටික දවසකින් රටේම රැල්ලක් වෙලා අහවල් දවසේ අපි අපේ නගරයේ චිත්‍ර අදිමු කියලා හිතන් නැති තරුණයෝ. අඳුරන්නේ නැති තරුණ තරුණියෝ, හාමුදුරුවරු, වෙනත් ජාතීන් වල කට්ටිය, කොණ්ඩේ කපපු, කොණ්ඩේ වවපු, තට්ටේ ගාපු, කරාඹු දාපු, පච්ච ගහපු තරුණ තරුණියෝ එකතු වුණා ඒ වැඩේට. ඒ තරුණයෝ අපිට පෙන්‍නුවේ වැඩේ හොඳනම්, අරමුණ හොඳ නම් අපි ලෑස්තියි කියලා.
බැරි වෙලා හරි අපි ඔය වැඩේ කළා නම් අපි බලන්නේ, අපිට එන්න කිව්ව එකා මොන පක්ෂයේද කියලා. ඌ යූ.එන්.පී නම්, ජේ.වී.පී නම්, ශ්‍රී ලංකානම් , පොහොට්ටුවේ නම් අපි යනවාද? අපි දේශපාලන කෝණයෙන් නේද බලන්නේ.හැබැයි ඒ තරුණයෝ දේශපාලන කෝණයෙන් බැලුවා නම් අම්මා අප්පා කවුද? කතිර ගැහුවේ මොකාටද කියලා බැලුවා නම් ලස්සන නිර්මාණ බිහි වෙන්නේ නෑ. අපි දැක්කා නුවර ජාතක කතාවේ එක කොටසක් හාමුදුරුවෝ කෙනෙක් අඳින කොට අනික් කොටස මුස්ලිම් තරුණියක් අඳිනවා. එතන ජාති භේදයක් තිබුණේ නෑ. වැඩේ හොඳ නම් අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපි හැම වෙලාවේම ගෝත්‍රිකවාදී වෙන්නේ නැතිව, දේශපාලනයම මුල් කර ගන්නේ නැතිව රට වෙනුවෙන් වැඩක් කරන්න ඕන කියලා අපි තීන්දු කරා නම් මේ රට වෙනස් කරන්න පුළුවන් කියන දේ නේද තරුණයෝ අපිට පෙන්නුවේ.
ඒ වගේම ඉදිරියේදී මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවට නොගැළපෙන එවුන් නම් එවන්න එපා. මරණාධාර සමිතියක සභාපති කෙනෙක් තෝරද්දීත් අපි තෝරන්නේ කොහොමද? ගමට අලුතින් නළුවෙක් පදිංචි වෙන්න ආවොත් නළුවාව සභාපති කරනවාද ? ගමේ දොස්තර කෙනෙක් ඉන්නවා කියලා දොස්තර සභාපති කරනවාද? ගමේ ඉංජිනේරුවෙක් ඉන්නවා ඒ ඉංජිනේරුවා සභාපති කරනවාද? මරණාධාර සමිතියේ සභාපති කරන්නේ වැදගත්කමක් තියෙන, නායකත්වය ගන්න පුළුවන්, වාර්තාවක් හදා ගන්න කියවා ගන්න පුළුවන්, හොරෙක් නොවන අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්. එහෙම නම් මරණාධාර සමිතියකටවත් නොගත යුතු එවුන්ව පාර්ලිමේන්තු එවලා හරියනවාද, දැන් පේනවානේ එකෙක් යවලා.ඒ යකා දෙයියනේ කියලා රඟපාගෙන හිටියා නම් තවත් ෆිල්ම් එකක් දෙකක් හදලා අපිත් ඒවා බලලා හිනාවෙලා ලේ ටිකක් සුද්ද කර ගන්නවා. හැබැයි මේ යකා පාර්ලිමේන්තු ඇවිල්ලා පාර්ලිමේන්තුවත් කෑවා. උසාවියත් කෑවා. පොලීසියත් කෑවා. නීතිඥයොත් කෑවා. නළු නිලියොත් කාලා අවසානයේ රටම කෑවා. මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු ඒව්වොත් ඔබතුමන්ලාම තමයි. මෙහෙ අය නෙමෙයි ගම්පහ අයයි. නොගැළපෙන එවුන් පාර්ලිමේන්තු එවන්න එපා. දොස්තර ඉන්න ඕන දොස්තර රස්සාව කරන්න. සිංදු කියන එකා ඉන්න ඕන සිංදු කියන්න. රඟපාන එකා රඟපාන්න ඕන. මේවා පටලවා ගත්තම තමයි මේ ප්‍රශ්න වෙන්නේ” යැයි පැවසීය.
No comments:
Post a Comment