"එළවලු මිල ඉහල යාම අපේ වගකීමක් නෙමෙයි ලාභ එළවලු පරිභෝජනයට ගන්න" - වාසුදේව කිව්ව අමුතු කතාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

"එළවලු මිල ඉහල යාම අපේ වගකීමක් නෙමෙයි ලාභ එළවලු පරිභෝජනයට ගන්න" - වාසුදේව කිව්ව අමුතු කතාව මෙන්න

න්ජන් රාමනායකගේ හඬ පට අස්සේ ගොඩක් අයගේ අවධානය යොමු නොවුනට මේ දවස්වල එළවලු සෑහෙන ගණන්. මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ කියලා කෙනෙක්ට හිතුනත් ලංකාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාවට මේක මේ වෙද්දී ලොකු ප්‍රශ්නයක් වෙලා ඉවරයි. පහුගිය මාස කිහිපය පුරා එක දිගට ඇද හැලුණු වර්ෂාව නිසා එළවලු වගාවන් විනාශවී යාම තමයි එක පාරටම මෙහෙම එළවලු මිල ඉහල යාමට හේතුව වෙලා තියෙන්නේ. ඉතින් මේ එළවලු හිඟය නිසා ඉහල ගිය මිල ගොඩක් ලංකාවේ ප්‍රදේශ රැසකට බලපාලා තියනවා.
මේ අතරේ රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පහුගිය දවසක මේ එළවලු මිල ඉහළ යාම සම්බන්ධව හරි පුදුම හිතෙන කතාවක් කියනවා. ඇත්තටම කිව්වොත් ජනතාව තරහා යන විදිහේ කතාවක්. ඇමතිවරයා පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙලා ආපහු යන අතරේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. වාහනය ඇතුලෙම ඉන්න ඇමතිතුමාගෙන් මාධ්‍යවේදීන් මෙන්න මෙහෙම අහනවා.

මාධ්‍යවේදියා - ජනතව කියනවා එළවලු එහෙම ගන්නත් බෑ එළවලු කඩ හොරුත් කඩනවා කියලා.

වාසුදේව - සමහර එළවලු ඉතින් මේ දවස්වල ටිකක් දුර්ලබයි තමයි.

මාධ්‍යවේදියා - ඇමතිතුමා මේ එඅලවලු ප්‍රශ්නය විසඳෙන්න තව කොච්චරකල් යයිද?

 වාසුදේව -ඒක අපේ වගකීමක් නෙමෙයි. ඒක පුද්ගලික අංශයේ වගකීමක්. නිෂ්පදකයොත් පුද්ගලික අංශයේ. වෙළෙන්දොත් පුද්ගලික අංශයේ. රජයේ වගකීමක් නෑ.

මාධ්‍යවේදියා - ඒ වුනාට රජයක් විදහට වගකියන්න ඕන නැද්ද

වාසුදේව -නෑ නෑ

මාධ්‍යවේදියා - එතකොට ජනතාව කොහොමද ඒ ප්‍රශ්නේ විසඳගන්නේ

වාසුදේව -ඒක ඉතින් ඒ වෙලාවට තියෙන්නා වූ ලාභ එළවළුවලට යොමු වෙමින් තමන්ගේ පිරිමැසීම් තමන්ගේ ගම්වල තියන එළවලු පරිභෝජනයට යොමු වෙන්න පුළුවන් .

කතාව ගලාගෙන යන්නේ ඔන්න ඔය විදිහට. රටේ ජනතාව වෙනුවන් වගකිවයුතු බලධාරියෙක් විදිහට වාසුදේවගේ මේ හතරබීරි කතාව ගොඩක් අය තුල ඇති කරලා තිබුනේ තරහක්. මේ කතාවට අදාල වීඩියෝ එකකුත් මේ වෙද්දී අන්තර්ජාලය හරහා ගොඩක් අය අතරේ ව්‍යාප්තවෙමින් තමයි තියෙන්නේ. ඡන්දවලින් පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා වරප්‍රසාද විදින අතරේ තමන්ගේ පොදු ප්‍රශ්නයකදී විසඳුමක් නොසොයා මෙහෙම කර ඇරලා ඉන්න එක ගැන රජය අමාත්‍යවරයෙක් විදිහට ඔහු ලජ්ජා වියයුතු බවයි හැමෝම කියන්න වුනේ. ඒ අතරේ මේකත් මීළඟ මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන් මතක් කරගන්න ඕන කාරණාවක් කියලත් සමහර අය කියන්න පටන් අරන් තියනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad