දෙමළ ජනතාවගේ සතුරා දෙමළ සන්ධානයයි! දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා සිංහලයායි! – කරුණා අම්මාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 28, 2020

දෙමළ ජනතාවගේ සතුරා දෙමළ සන්ධානයයි! දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා සිංහලයායි! – කරුණා අම්මාන්

දෙමළ  ජාතික සන්ධානය  දෙමළ  ජනතාවට ද්‍රෝහිකම් කරන බවට දෙමළ ජනතා නිදහස් පෙරමුණේ නායක  හිටපු අමාත්‍ය  විනායගමුර්ති මුරලිදරන් පවසයි.
මඩකලපුව පෙත්තාලයිහි ඊයේ (27)  පැවැත්වුණු රැස්විමකට  සභභාගි වෙමින් මේ බව පැවසීය.

මෙහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ සන්ධානයේ කථා අසා දෙමළ ජනතාව රැවටුන බවත්  සිංහල ජනතාව විසින් දෙමළ  ජනතාව බේරා ගත් බවත්ය.

දෙමළ  ජාතික සන්ධානය දෙමළ ජනතාව තුරුම්පුවක් ලෙස  භාවිතා  කරන බවත් දෙමළ  ජනතාවට කිසිම සංවර්ධන කටයුත්තක් නොකළ බවත් ඔහු පැවසීය.

ඉදිරිකාලයේදි  දෙමළ  ජාතික සන්ධානයේ කථා අසා නොරැවටෙන ලෙසත්  කල්පනාකාරීව ක්‍රියාත්මක වන  ලෙසත් ඔහු  වැඩිදුරටත් පැවසීය

No comments:

Post a Comment

Post Bottom Ad