දූෂිත නිලධාරීන්ගේ කටයුතු නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපැල් අංශයෙහි දිනකට රුපියල් පනස් දහසක පමණ මූල්‍ය වංචාවක් සිදුවන බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැුසක් ‘දිවයින’ට පැවසූහ.
අධිවේගී තැපැල් අංශය විසින් එක් දිනකදී කොළඹ නගරය සහ කොළඹ නගරයෙන් පිට දිස්ත‍්‍රික්කවල බෙදා හැරීම සඳහා ජනතාවගෙන් දිනපතා ලබාගන්නා ලිපි සහ පාර්සල්වලට බර අනුව අය කරගන්නා මුදල අදාළ ලිපියේ හෝ පාර්සලයේ ඉදිරිපස මුද්‍රණ යන්ත‍්‍රයකින් හෝ මුද්දරයකින් හෝ රිසිට් පතකින් සඳහන් නොකර මුදල පමණක් ලබා ගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදු කරන බව වෘත්තීය සමිති නායකයෝ සහ තැපැල් සේවකයෝ පැවසූහ.
කොළඹ නගරයෙහි එක්දිනකදී ග‍්‍රෑම් 20 බර ලිපියක් බෙදීමට රුපියල් 50 ක් අය කරන අතර ග‍්‍රෑම් 20-40 අතර බරකට රු. 60 ක්ද ග‍්‍රෑම් 40-60 අතර බරකට රුපියල් 70 ක්ද ග‍්‍රෑම් 100 -150 බරකට රුපියල් රු. 95 ක්ද ලෙස ගාස්තු අය කෙරේ.
පිට පළාත්වල බෙදීමේදී ග‍්‍රෑම් 20 බරකට රුපියල් 60 සිට මුදල් අය කිරීම සිදු කරයි.
ජනතාවගෙන් අය කර ගන්නා මුදල්වලට අවම වශයෙන් රිසිට් පතක්වත් නිකුත් නොකරන නිසා ගෙවන මුදල රජයට නිසි ලෙස ලබා දෙනවා ද යන්න පිළිබඳව බරපතළ ගැටලූවක් මතු වී ඇතැයිද වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ප‍්‍රියදර්ශන ලියනගේ -Divaina.
No comments:
Post a Comment